Women’s T20 Asia Cup : මැලේසියා කණ්ඩායමට ලකුණු 185 ක ඉලක්කයක්

asia-cup-2023-group-thumb

2024 කාන්තා පන්දුවාර විස්සයි විස්ස ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණෟඩායම හා මැලේසියා කණ්ඩායම අතර තරගය මේ වන විට පැවැත්වෙනවා.

ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 4 ක් දැවී ලකුණු 184 ක් ලබා ගත්තා.

නොදැවී විශිෂ්ට ලෙස පන්දුවට පහරදුන් නායිකා චමරි අතපත්තු ලකුණු 119 ක් ලබාගත් අතර අනුෂ්කා සංජීවනී ලකුණු 31 ක් ලබා ගැනීමට සමත් වුණා.

ඒ අනුව ජයග්‍රහණය සඳහා මැලේසියා කාන්තා කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 185 ක්.