ජීවන් තොණ්ඩමන් අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණයෙන් නියෝගයක්

jeevan-thondaman-gg

ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ වතු යටිතල පහසුකම් හා ජල ප්‍රවාහන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් ඇතුළු සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසට නුවරඑළිය වැඩබලන මහෙස්ත්‍රාත්වරිය විසින් නුවරඑළිය පොලීසියට නියෝග කර තිබෙනවා.

පසුගිය මැයි (30) දින අමාත්‍ය ජීවන් තොණ්ඩමන් ලංකා කම්කරු කොන්ග්‍රසයේ ආධාරකරුවන් පිරිසක් කැලණිවැලි සමාගම යටතේ පාලනය වන නුවරඑළියේ තේ කර්මාන්ත ශාලාවකට බලහත්කාරයෙන් ඇතුළුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් නුවරඑළිය පොලීසිය විසින් අධිකරණය හමුවේ අද (22) කරුණු වාර්තා කර තිබුණා.

එම අවස්ථාවේ දී මහෙස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.