කැකිරාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉඩම් නිලධාරියකු අල්ලස් දැලේ

WhatsApp Image 2024-07-22 at 17.58.23

24-07-22
කැකිරාව කුෂාන් ජයවර්ධන

කැකිරාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉඩම් නිලධාරියකු අල්ලස් දැලේ
=========

ඉඩම් ඔප්පුවක් පිළීයෙල කිරීමට ව්‍යාපාරිකයකුගෙන් රැපියල් ලක්ෂ 02ක අල්ලසක් ලබා ගත් කැකිරාව ප්‍රාදේශී්‍ය ලේකම් කාර්යාලයේ ඉඩම් නිලධාරියකු අල්ලස් නිලධාරීන් අද (22) පස්වරුවේ සමත්ව තිබිණ.
කැකිරාව ප්‍රෙද්ශයේ ව්‍යාපාරියකයකු විසින් අල්ලස් නිලධාරීන්ට කර තිබූ පැමිණීල්ලකට අනුව සිදුකළ වැටලීමකදී සැකකාර ඉඩම් නිලධාරීයා අත්අඩංගුවට ගැනීමට අල්ලස් නිලධාරීන් සමත්ව තිබේ.
ඉඩම් ඔප්පුවක් සැකසීම සඳහා සැකකාර ඉඩම් නිලධාරියා විසින් කැකිරාව ප්‍රෙද්ශයේ ව්‍යාපාරිකාගෙන් රැපියල් ලක්ෂ 05ක අල්ලස් මුදලක් ඉල්ලා තිබූ අතර එයින් රැපියල් ලක්ෂ දෙකක මුදලක් අද දිනයේ අදාළ ඉඩම් නිලධාරියා විසින් ලබා ගත් අවස්ථාවේ දී ඔහු අත්අඩංගුවට ගැනීඹට අල්ලස් නිලධාරීන් සමත්ව තිබිණ. අද පස්වරුවේ කැකිරාව ප්‍රාදේශීය ලේකම් කාර්යාල භූමියේදී එම ඉඩම් නිලධාරීය මෙම අල්ලස් මුදල ලබා ගෙන තිබින.
අල්ලස් ලබා ගැනීමේදී අත්අඩංගුවට ගෙන ඇති එම ඉඩම් නිලධාරියා 33 හැවිරිදි වියේ පසුවන්නෙකි. පොලොන්නරුව දිවුලන්කඩවල කුසුම්පොකුණ ප්‍රෙද්ශයේ ස්ථීර පදිංචිකරුවකු වන ඔහු හබරණ පලුගස්වැව ගල්කඩවල පාර ප්‍රෙද්ශයේ තාවකාලිකව පදිංචිව සිට ඇති අයෙකි.
අල්ලස් ලබා ගැනීමේදී අත්අඩංගුවට ගන්නා ලද සැකකාර ඉඩම් නිලධාරියා අද පස්වරුවේ කැකිරාව මහේස්ත්‍රාත් අධීකරණයට ඉදිරිපත් කිරීමට අල්ලස් නිලධාරීන් කටයුත කරනු ලැබීය. එහිදී සැකකාර නිලධාරියා ලබන අගොස්තු මස 02 වනදා දක්වා රක්ෂීත බන්ධනා ගාර ගත කිරීමට කැකිරාව මහේස්ත්‍රාත් ඩී.පී.එම්.එස්. කරුණාරත්න මහත්මිය විසින් නියෝග කරනු ලැබූ අතර එදිනට සැකකාර නිලධාරියා අලුත්කඩේ මහේස්ත්‍රාත් අධීකරනය හමුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙස මහේස්ත්‍රාත්වරිය මෙහිදී බන්ධනාගාර අධීකාරීවරයාට නියෝග කරනු ලැබීය.