කළුතර වෙරලේ තීරයේ පාරිසර සංරක්ෂණ ක්‍රියාවලියකට සහභාගි වෙමින් සීටී රේගු අමාත්‍යාංශයේ පරිපාලන නිළධාරියෙකු පොලිස් පහරදීමට ලක්ව ඇතැයි පවසමින් රෝහල් ගතව ඇති බව කළුතර ශීක්ෂණ රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය .

Assault

ගල්පාත චන්දන පෙරේරා

කළුතර වෙරලේ තීරයේ පාරිසර සංරක්ෂණ ක්‍රියාවලියකට සහභාගි වෙමින් සීටී රේගු අමාත්‍යාංශයේ පරිපාලන නිළධාරියෙකු පොලිස් පහරදීමට ලක්ව ඇතැයි පවසමින් රෝහල් ගතව ඇති බව කළුතර ශීක්ෂණ රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය .

මෙසේ රෝහල් ගතව ඇත්තේ කළුතර බෝම්ඹුවල ප්‍රදේශයේ පදිංචි වීරවර්ණ ප්‍රේමරත්න නමැති රේගු අමාත්‍යාංශයේ පරිපාලන නිළධාරියෙකු බව අනාවරණය වී ඇත.

පහරකැමට ලක්වූ බව කියන පරිපාලන නිළධාරියා පෙරේදා (21) කළුතර වෙරලේ පරිසර සංරක්ෂණ කටයුත්තකට ගොස් සිටියදී පොලිස් නිළධාරින් විසින් පරීක්ෂා කර ඇති අතර , එහිදී ඇතිවූ කතාබහකින් පසු පහරදීම සිදුව ඇති බව රේගු නිලධාරියා සදහන් කර ඇත.

පොලිස් නිලධාරීන් නිරන්තරයෙන් කළුතර වෙරලේ ගැවසෙන සොර සතුරන් සහ බාලවයස්කාර දැරියන් අපයෝජනයට ලක්වීම නිරීක්ෂණය සදහා සිවිල් ඇදුමින් යොදව ඇති බව එහිදී සිදුකල පරීක්ෂාවේදී අනන්‍යතාවය තහවුරු කිරීමට නොහැකිව ඔහු පොලිසියට ගෙන්වා ඇපමත මුදාහල බවත් කළුතර දකුණ පොලිසිය පවසයි.

කළුතර දකුණ පොලිසිය මගින් මේ පිලිබඳ පරීක්ෂණ ආරම්භ කර ඇත.

ඡායාරූපය

පහරකෑ බව කියන පුද්ගලයා රේගු අමාත්‍යාංශයේ පරිපාලන නිළධාරියා රෝහලේ ප්‍රතිකාර ලබන අයුරු.