අස්වැසුම සඳහා නව අයදුම්කරුවන් 450,000 ක් අයදුම් කරයි

aswesuma-aswasuma-welfare

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමය සඳහා නව අයදුම්කරුවන් 450,000 පමණ අයදුම්කර ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා.

ඒ අනුව එහි සංගණන කටයුතු සිදුකිරීමෙන් පසු කමිටුවක් විසින් අස්වැසුම ලබාගත හැකි අයදුම්කරුවන් තෝරා ගැනීමට නියමිත බවයි සඳහන් වෙන්නේ.

ඉන් අනතුරුව තෝරාගත් ප්‍රතිලාභීන් සඳහා පවතින විරෝධතා සැලකිල්ලට ගැනීමෙන් පසු ඒ සඳහා යම් ඉවත් කිරීමක් ඇත්නම් ඒවා ද සිදුකර අස්වැසුම ලබාගන්නා ප්‍රතිලාභීන් තෝරාගැනීම සිදු කෙරෙන බවයි සඳහන් වෙන්නේ.

මේ වනවිට ප්‍රතිලාභීන් ලක්ෂ 18ක් පමණ ප්‍රමාණයක් සඳහා අස්වැසුම පළමු අදියර යටතේ දීමනා ලබාදෙනවා.