2024 ජූලි 24 වන දින සෙනසුරු චන්ද්‍රයාගෙන්‌ මුවාවීමේ සංසිද්ධිය

moon

දර්ශාන් ප්‍රනාන්දු
මොරටුව
19.07.2024
දුර්ලභ තාරකා විද්‍යාත්මක සිදුවීමක්‌ වන සෙනසුරු චන්ද්‍රයාගෙන්‌ මුවාවීමේ සංසිද්ධිය 2024 ජූලි 24 මධ්‍යම රාත්‍රියෙන්‌ පසුව( 2024 පූලි 25 වැනි දින පෙ.ව. 00:50 ට) පමණ ආරම්භ වී ශ්‍රී ලාංකිකයන්ට දර්ශනය වනු ඇතැයි නවීන තාක්ෂණ පිළිබඳ ආතර්‌ සී ක්ලාක්‌ ආයතනය සඳහන් කරයි.
ජූලි (25 වැනිදා) පෙරවරු 00.40ට පමණ සඳ දෙස බැලීමෙන්‌ මෙම සංසිද්ධිය නිරීක්ෂණය කළ හැකිය.
දුරේක්ෂයක්‌ හෝ දුරදක්නයක්‌ තිබේ නම්‌, මෙම සංසිද්ධිය වඩාත්‌ හොඳින්‌ නිරීක්ෂණය කිරීමට හැකිවනු ඇතැයි ආතර්‌ සී ක්ලාක්‌ ආයතනයේ තාරකා විද්‍යා සහ අභ්‍යවකාශ යෙදවුම්‌ අංශය සඳහන් කරයි.
එක්‌ ආකාශ වස්තුවක්‌ තවත්‌ ආකාශ වස්තුවක්‌ ඉදිරියෙන් ගමන් කිරීම නිසා එහිදර්ශනය අවහිර වීමෙන් මෙවන සංසිද්ධියක්‌ සිදුවේ. චන්ද්‍රයා සෙනසුරු ග්‍රහලෝකය ඉදිරියෙන්‌ ගමන්‌ කරන විට එය පෘථිවියට නොපෙනී ගොස්‌, ආසන්න වශයෙන්‌ පැය එකයි මිනින්තු විස්සක්‌ පමණ චන්ද්‍රයාගෙන්‌ වැසී පවතින අතර මෙම සංසිද්ධිය පෘථිවියේ ඇතැම් ප්‍රදේශවලට පමණක් දැකගත හැකිය. ශ්‍රී ලංකා විවිධ ප්‍රදේශවලට මෙම සිදුවීම දර්ශනය වන වේලාවන් සුළු වශයෙන් වෙනස් වේ.
සෙනසුරු චන්ද්‍රයාගෙන් කොළඹ, යාපනය , වව්නියාව , අම්පාර , ත්‍රිකුණාමලය, අනුරාධපුර , පුත්තලම , මහනුවර , බදුල්ල , බලංගොඩ , මාතර යන ප්‍රදේශයන්හි සෙනසුරු චන්ද්‍රයාගෙන් ආවරණය වීම සහ නිවාරණය වීම දැකගැනීමට හැකි වේ.

නැවත වරක්‌ මෙම සංසිද්ධිය ශ්‍රී ලංකාවාසීන්ට දර්ශනය වන්නේ 2037 අප්‍රේල්‌ 24 වැනිදා බව ආතර් සී ක්ලාක් ආයතනය නිවේදනය කරයි.