ඊයේ (18) රාත්‍රී හඟුරන්කෙත, මතුරට හරහා හමා ගිය දැඩි සුළඟ හේතුවෙන් ගසක අත්තක් කඩා වැටී මතුරට, අම්පිටිගොඩ පදිංචි අවුරුදු (45) හතළිස් පහක් වයසැති අයෙක් ජීවිතක්ෂයට පත් වී ඇත.

death

ඊයේ (18) රාත්‍රී හඟුරන්කෙත, මතුරට හරහා හමා ගිය දැඩි සුළඟ හේතුවෙන් ගසක අත්තක් කඩා වැටී මතුරට, අම්පිටිගොඩ පදිංචි අවුරුදු (45) හතළිස් පහක් වයසැති අයෙක් ජීවිතක්ෂයට පත් වී ඇත.

මොහු දෛනික රාජකාරී අවසන් කොට නිවස බලා පැමිණ සිටියදී එම අවස්ථාවේ පැවති දැඩි සුළඟට තම නිවස ආසන්නයේම තිබූ ගසක අත්තත් කඩාවැටි මෙම අනතුර සිදුවී ඇත.

එදින රාත්‍රී නිවසට නොපැමිණි බැවින් මොහු පිළිබඳව සොයා බැලීමේදී පසුදින උදේ (19) ඔහු නිවස ආසන්නයේ වැටී සිටි අතර, ඔහුගේ සිරුර මතට ගසක අත්තක් වැටී ඇති බව තම පුතාට දැකගන්නට ලැබුණු බවයි පවසන්නේ.

මේ වන විට මළසිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත රැගෙන ගිය බවත්, මතුරට පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්. ඒ. එල්. කේ. හෙට්ටිආරච්චි මහතාගේ මූලිකත්වයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරන බවයි මතුරට පොලිසිය සඳහන් කරන්නේ.

සම්පත් විජේරත්න, රිකිල්ලගස්කඩ