බංග්ලාදේශයේ සිසු විරෝධතාවලින් 105ක් මරුට

bangla-riot

බංග්ලාදේශයේ ක්‍රියාත්මක සිසු විරෝධතා අතරතුර මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 105ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

රට පුරා පැතිර ගොස් ඇති නොසන්සුන්තාව හේතුවෙන් ඇඳිරි නීතිය පනවා ඇති අතර, ආරක්ෂාව සඳහා හමුදා නිලධාරීන් ද කැඳවා තිබෙනවා.

රජයේ රැකියා ලබාදීමේ විශේෂ කෝටා ක්‍රමය අහෝසි කිරීමට ගෙන තිබූ තීරණය යළි සක්‍රීය කරන්නැයි අධිකරණය ලබාදුන් නියෝගයක් හේතුවෙන් මෙම සිසු විරෝධතා ආරම්භ කළ බවයි සඳහන් වන්නේ.