දකුණු පළාත් ගුරු සේවයට බඳවා ගත් උපාධිධාරීන් 224 දෙනෙකුට පත්වීම්

teachers

දකුණු පළාත් ගුරු සේවය සඳහා බඳවා ගත් උපාධිධාරීන් 224 දෙනෙකුට පත්වීම් ප්‍රදානය දකුණු පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකර තිබෙනවා.

උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමේ 04 වන අදියර යටතේ මෙම පිරිස සදහා පත්වීම් පිරිනැමුණු බවයි සඳහන් වෙන්නේ.

විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සදහා ගුරුවරුන් 35 දෙනෙකු වෙනුවෙන් පත්වීම් පිරිනැමීම ද මෙහිදී සිදුකර තිබෙනවා.