පුරාවස්තු හා පුරාවිද්‍යාව පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමේ අරමුණින් පුරාවිද්‍යා දෙසතියක්

Sigiriya

මෙරට ඉතිහාසය පිළිබඳව ඇති දැනුම වියැකෙමින් යන මොහොතක, පුරාවස්තු හා පුරාවිද්‍යාව පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමේ අරමුණින් පුරාවිද්‍යා දිනය නිමිති කොටගෙන ‘පුරාවිද්‍යා දෙසතිය’ වැඩසටහන දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇති බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක පවසනවා.

මේ යටතේ, හෙට (18) සිංහපාදයේ කැණිම් සිදු කිරිම ආරම්භ කිරීම සිදු කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

මෙම පුරාවිද්‍යා දෙසතිය වැඩසටහන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ මධ්‍යම සංස්කෘතික අරමුදල මඟින් සංවිධානය කෙරෙනවා.

ඒ අනුව මෙම ‘පුරාවිද්‍යා දෙසතිය’ වැඩසටහන තුළින් සෑම පළාතකම සහ දිස්ත්‍රික්කයකම පුරාවිද්‍යා කාර්යාල හරහා පාසල් සිසු දරුවන්, රාජ්‍ය නිලධාරීන් සහ පුරාවිද්‍යාව පිළිබඳව උනන්දුවක් දක්වන කණ්ඩායම් සඳහා පුරාවිද්‍යාව, උරුම කළමනාකරණය, පුරාවස්තු ආරක්ෂා කර ගැනීම, එහි නෛතික පදනම පිළිබඳව දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණ සහ වැඩසටහන් සිදුකරන බවයි පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ඩී. තුසිත මැන්දිස් සඳහන් කළේ.