LPL Match Summary: Kandy Falcons හා Colombo Strikers කණ්ඩායම්වලට ජය

lpl-2024-thumb

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලි‍යේ ඊයේ (15) පැවති තරග දෙකෙන් ජය ගැනීමට Kandy Falcons හා Colombo Strikers කණ්ඩායම් සමත් වුණා.

දිනයේ පළමු තරගය ලෙස Kandy Falcons කණ්ඩායම හා Dambulla Sixers කණ්ඩායම අතර පැවති තරගයෙන් ලකුණු 54 ක ජයක් ලබා ගැනීමට Kandy Falcons කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් Dambulla Sixers කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට Kandy Falcons කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 4 ක් දැවී ලකුණු 222 ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Dambulla Sixers කණ්ඩායමට සිය පන්දුවාර 20 තුළ සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකියාව ලබුණේ ලකුණු 168 ක් පමණයි.

දිනයේ දෙවන තරගය ලෙස Colombo Strikers කණ්ඩායම හා Galle Marvels කණ්ඩායම අතර පැවති තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කිරීමට Colombo Strikers කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් Colombo Strikers කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට Galle Marvels කණ්ඩායමට ආරධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 138 ක් පමණයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Colombo Strikers කණ්ඩායම පන්දුවාර 18 යි පන්දු 2 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී සිටියදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් වුණා.