බස්නාහිර පළාත් කෙටි නාට්‍ය වැඩමුළුව සහ තරගාවලිය සඳහා අයදුම්පත් කැඳවීම ඇරඹෙයි

drama

ආධුනික නාට්‍යකරුවන්ගේ කුසලතා සංවර්ධනයට විධිමත් සහ නිවැරදි අවස්ථාවක් සලසාදීම තුළිත් කා ක්ෂේත්‍රය පෝෂණය කිරීමේ අරමුණින් කෙටි නාට්‍ය වැඩමුණුවක් සහ තරඟාවලියක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

නාට්‍ය පිටපත් රචනය, රංගනය, සංගීතය, වේදිකා පසුතල නිර්මාණය, රංගවස්ත්‍ර නිර්මාණය, රංගාලෝකකරණය, අධ්‍යක්ෂණය යන විෂය ක්ෂේත්‍රයන් මෙහිදී ආවරණය කරන බවයි සඳහන් වෙන්නේ.

කෙටි නාට්‍ය පිටපත් ලිවීමේ සිට වේදිකා ගත කිරීම දක්වා සියළුම අවස්ථා ඇතුලත්ව නාට්‍ය නිෂ්පාදනයට අදාල අත්දැකීම් නේවාසික වැඩමුළුවක් මඟින් ලබාදී අවසානයේ කෙටි නාට්‍ය තරගාවලියක් පවත්වා සම්මාන ප්‍රදානය සිදු කිරීම හා නාට්‍යකරුවන් සමාජගත කිරීම මෙම වැඩසටහනේ අරමුණ බවයි සඳහන් වෙන්නේ.