LPL Match Summary: Jaffna Kings කණ්ඩායමට කඩුලු 4 ක ජයක්

lpl-2024-thumb

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලි‍යේ ඊයේ (13) Jaffna Kings කණ්ඩායම හා Kandy Falcons කණ්ඩායම අතර පැවති තරගයෙන් කඩුලු 4 ක ජයක් ලබා ගැනීමට Jaffna Kings කණ්ඩායම සමත් වුණා.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැති තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වූ බැවින් එක් ඉනිමක් පන්දුවාර 7කට සීමා වූ අතර, කාසියේ වාසිය දිනාගත් Jaffna Kings කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට Kandy Falcons කණ්ඩායම නිමිත පන්දුවාර 7 තුළ කඩුලු 5 ක් දැවී ලකුණු 78 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Jaffna Kings කණ්ඩායමේ ඉනිම නිමා වීමට පන්දු 7 ක් ඉතිරිව තිබියදී කඩුලු 6 ක් දැවී සිටියදී ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියා.