ට්‍රම්ප්ට එල්ල වූ වෙඩි ප්‍රහාරය ගැන ජනපති රනිල්ගෙන් නිවේදනයක්

ranil-teach-1

හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතන තැත සම්බන්ධයෙන් තමා කම්පනයට පත් වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඒ අනුව ට්‍රම්ප් නිරුපද්‍රිතව සිටින බව දැනගැනීම තමාට සහනයක් වූ බවයි නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා සඳහන් කරන්නේ.

සියලුදෙනා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා නීතිගරුකව කටයුතු කළයුතු බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.