කැකිරාව තලාව මාර්ගයේ මහඉලුප්පල්ලම සිරික්කුලම ප්‍රදේශයේදී අද සවස සිදුවූ රිය අනතුරකින් යතුරු පැදියක ගමන්ගත් පුද්ගලයකු තුවාල ලබා ඇති අතර අනතුර වලක්වා ගැනීමට බස්රථයේ රියදුරු උත්සහ කර ඇති අතර එම අවස්ථාවේ බස් රථයද අනතුරට ලක්ව තිබිණ.

WhatsApp Image 2024-07-13 at 21.37.31 (3)

24-07-13
කැකිරාව කුෂාන් ජයවර්ධන
කැකිරාව තලාව මාර්ගයේ මහඉලුප්පල්ලම සිරික්කුලම ප්‍රදේශයේදී අද සවස සිදුවූ රිය අනතුරකින් යතුරු පැදියක ගමන්ගත් පුද්ගලයකු තුවාල ලබා ඇති අතර අනතුර වලක්වා ගැනීමට බස්රථයේ රියදුරු උත්සහ කර ඇති අතර එම අවස්ථාවේ බස් රථයද අනතුරට ලක්ව තිබිණ.
අපරික්ෂාකාරී ලෙස ධාවනය කළ යතුරු පැදියක් පුද්ගලික මගී පුවාහන බස් රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලිසිය කියයි. කොළඹ සිට අනුරාධපුර බලා ධාවනය වෙමින් තිබූ බස්රථයක් මෙලෙස අනතුරට පත්ව තිබිණ.
අපරික්ෂාකාරී ලෙස ධාවනය වූ යතුරු පැදිය බස් රථයේ ගැටීමට ගිය අවස්ථාවේ බස් රථයේ රියදුරා විසින් එම අනතුර වලක්වා ගැනීම සදහා ක්ෂණිකව සිය බස් රථය මාර්ගයේ ප්‍රතිවිරුද්ධ දිසාවට ධාවනය කර ඇති අතර එහිදී එම ස්ථානයේ පිහිටි බස් නැවතුම්පලක් ද කඩාගෙන අසල ගෙවත්තකට බස්රථය කඩා වැදී තිබිණ.
අපරික්ෂාකාරී ලෙස ධාවනය කළ යතුරු පැදියද එම අවස්ථාවේ පෙරලී ගොස් ඇති අතර පෙරැලීගිය එම යතුරු පැදිය බස් රථයේ ගැටී ඇති බව පොලිසිය කියයි. මෙම අනතුරින් එම යතුරු පැදිය පැදවූ බව කියන 70 හැවිරිදි පුද්ගලයකු තුවාල ලබා මේ වනවිට ප්‍රතිකාර සදහා අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය කියයි. ඔහු මහලුප්පල්ලම සිරික්කුලම ප්‍රදේශයේම පදිංචිකරුවෙකි.
බස්රථයේ රියදුරා අනතුර වලක්වා ගැනීමට කටයුතු කළ අවස්ථාවේ එම බස් රථය මාර්ගයෙන් ඉවතට පැනී හේතුවෙන් එම ස්ථානයේ තිබූ බස් නැවතුම්බලට බරපතළ හානි සිදුව තිබූ අතර එම අවස්ථාවේ එම බස් නැවතුම්පලේ කිසිවකුත් සිට නැති බැවින් ඉන් සිදුවීමට තිබූ තවත් බරපතළ ජීවිත අනතුරක් වැළකී ගොස් ඇති බව පොලසිය කියයි.ම කෙසේ වෙතත් මෙම අනතුරින් බස් රථයේ සිටි මගීන් කිසිවකුටද හානියක් සිදුව නොතිබිම විශේෂත්වයකි.
අනතුර සම්බන්ධයෙන් අදාළ යතුරු පැදිය හා අදාළ බස් රථය ඉදිරි විමර්ශණ සදහා ඉපලෝගම පොලිස් ස්ථානයෙ ්රථවාහන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
බස් රථයේ රියදුරද අනතුර සම්බන්ධයෙන් සැකපිට පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ගලේවෙල ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකි.
ඉපලෝගම පොලිස් ස්ථානය මගින් මෙම අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්හණ ආරම්භ කර තිබේ.

WhatsApp Image 2024-07-13 at 21.37.31 (2) WhatsApp Image 2024-07-13 at 21.37.31 (1) WhatsApp Image 2024-07-13 at 21.37.31