අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ මගපෙන්වීමෙන් ශ්‍රී ලංකා පාසල් රග්බි ක්‍රීඩකයින්ට රක්ෂණාවරණයක්.

WhatsApp Image 2024-07-13 at 21.56.42

2024.07.13

ප්‍රවෘත්ති අධ්‍යක්ෂ/ප්‍රවෘත්ති කර්තෘ/
ප්‍රවෘත්ති සංස්කාරක/ප්‍රවෘත්ති කළමණාකරු,

අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ මගපෙන්වීමෙන් ශ්‍රී ලංකා පාසල් රග්බි ක්‍රීඩකයින්ට රක්ෂණාවරණයක්.

ක්‍රීඩා, යෞවන කටයුතු සහ සංචාර, ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ සංකල්පයක් අනුව ඉතිහාසයේ ප්‍රථම වතාවට පාසල් රග්බි ක්‍රීඩකයින් සදහා රක්ෂණාවරණයක් ලබා දීම සිදු විය. මෙය රග්බි ක්‍රීඩාවෙහි නියුතු පාසල්වල වයස අවුරුදු 19 න් පහළ සහ 16 න් පහළ වයස් කාණ්ඩවල රග්බි ක්‍රීඩකයින් හට හිමි වේ. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව හරහා මෙම රක්ෂණාවරණය හිමි වේ.

ශ්‍රී ලංකා රග්බි විනිසුරු සංගමයේ අභිවෘද්ධිය වෙනුවෙන් ඔවුගේ පුහුණුවීම් හා දක්ෂතා නංවාගැනීම සදහා මෙන්ම තාක්ෂණය වැඩි දියුණු කරගැනීම වෙනුවෙන් ගරු අමාත්‍යතුමාගේ මගපෙන්වීම යටතේ රුපියල් ලක්ෂ 50 ක මුල්‍යමය ප්‍රදානයක් සිදු කරන ලදි.

ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ දීර්ඝකාලීන කැපවීමක් මත කොළඹ ඉසිපතන විද්‍යාලයට හෙන්රි පේද්‍රිස් ක්‍රීඩාංගණය කැබිනට් පත්‍රයක් මගින් පැවරුණි. මෙම අවස්ථාවේ එය නිළ වශයෙන් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පාසල වෙත භාරදීම සිදු කරන ලදි.

පසුගිය වසරේ පාසල් රග්බි තරගාවලිය අතරතුර අනතුරට ලක්වූ ශාන්ත ජෝෂප් විද්‍යාලයේ එච්.අයි.සී. ද සොයිසා ක්‍රීඩකයා හට ලක්ෂ 10 ක මූල්‍යමය ප්‍රදානය සිදු කිරීමද මෙහිදී සිදු කෙරිණි.

මෙම පුවත ඔබ මාධ්‍ය හරහා ප්‍රචාරය කර ගැනීම සදහා අවශ්‍ය කටයුතු සළසා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

ස්තූතියි.

මාධ්‍ය අංශය
ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශය.

 

මාධ්‍ය නිවේදනය – පාසල් රග්බි ක්‍රීඩකයින්ට රක්ෂණාවරණයක්

WhatsApp Image 2024-07-13 at 21.56.40 WhatsApp Image 2024-07-13 at 21.56.39 WhatsApp Image 2024-07-13 at 21.56.42 (1)