සවස දුම්රිය ගමන්වාර 30 ක් පමණ ධාවනය කරනවා – දුම්රිය සාමාන්‍යාධිකාරී

trainjaffna

දුම්රිය ගමන්වාර 30 ක් පමණ අද (10) සවස ධාවනය කිරීමට සැලසුම් කර ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරී එස්. එස් මුදලිගේ සඳහන් කළා.

වර්ජනය මැද වුවද උදෑසන දුම්රිය ගමන් වාර 30 ක් පමණ ක්‍රියාත්මක කිරීමට හැකි වූ බවයි එසැණ කළ විමසීමකදී ඔහු සඳහන් කළේ.

කෙසේවෙතත් ස්ථානාධිපතිවරුන් හා දුම්රිය පාලකවරුන් තවදුරටත් වර්ජන ක්‍රියාමාර්ගයේ නිරතව සිටිනවා.