ව්‍යාජ මුදල් සමග පුද්ගලයින් දෙදෙනෙකු කළුතරදී අත්අඩංගුවට

22b7626a-2fd54cca-38f8ad29-arrest_850x460_acf_cropped_850x460_acf_cropped

මතුගම නගරය හා අවට ප්‍රදේශ රැසකටම ව්‍යාජ මුදල් ලබාදී ගනුදෙනු රැසක් සිදුකළ පුද්ගලයින් දෙදෙනෙකු කළුතර අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මතුගම හා අවට ප්‍රදේශ රැසකම ව්‍යාජ මුදල් සංසරණය වන බවට කළුතර අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිට ලද තොරතුරක් මත සිදුකළ විමර්ශනයකදී මතුගම පාන්තිය මංසන්ධියේදී පුද්ගලයෙකු ව්‍යාජ රුපියල් 500 නෝට්ටු දෙකක් සමග අත්අඩංගුවට ගෙන තිබෙන බවයි සඳහන් වෙන්නේ.

සැකකරු මතුගම ඉද්දගොඩ ප්‍රදේශයේ වයස අවුරුදු 29 ක පුද්ගලයෙකු වන අතර ඔහුගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වී ඇත්තේ මෙම පුද්ගලයා තවත් පුද්ගලයෙකු සමග එක්ව මෙම ව්‍යාජ මුදල් මුද්‍රණය කිරීම් සිදුකර ඇති බවයි.

සැකකරුවන් අද (08) දින මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.