සංස්පර්ශ 2024 මහනුවර තරග හෙට ආරම්භ වෙයි

sparsha-tt

“සංස්පර්ශ 2024” පාසල් මාධ්‍ය තරගාවලියේ මූලික වටයේ මහනුවර මධ්‍යස්ථානයේ තරග කටයුතු හෙට (29) පැවැත්වෙනවා.

ඒ අනුව හෙට පෙරවරු 7.30 සිට මහනුවර කිංස්වුඩ් විද්‍යාලයේදී තරග කටයුතු පැවැත්වෙනවා.

දිවයිනේ ප්‍රවීණ මාධ්‍යවේදීන් රැසකගේ සහභාගීත්වයෙන් යුතු ව පැවැත්වෙන මෙම තරග වටය සඳහා දහසකට අධික සංඛ්‍යාවක පාසල් සිසුන් සහභාගී වීමට නියමිතයි.