සංස්පර්ශ 2024 මහනුවර තරග අද ආරම්භ වෙයි

sparsha-tt

“සංස්පර්ශ 2024” පාසල් මාධ්‍ය තරගාවලියේ මූලික වටයේ මහනුවර මධ්‍යස්ථානයේ තරග කටයුතු අද (29) පැවැත්වෙනවා.

ඒ අනුව අද පෙරවරු 7.30 සිට මහනුවර කිංස්වුඩ් විද්‍යාලයේදී තරග කටයුතු ආරම්භවීමට නියමිතව තිබෙනවා.

තරග වටය සඳහා දහසකට අධික සංඛ්‍යාවක පාසල් සිසුන් සහභාගී වීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.