රංගේ බණ්ඩාරගේ පුත්‍රයා රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට

22b7626a-2fd54cca-38f8ad29-arrest_850x460_acf_cropped_850x460_acf_cropped

එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාරගේ පුත්‍රයා වන යශෝධ රංගේ බණ්ඩාර රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (29) අලුයම 4.30 පමණ කරුවලගස්වැව, 07 කණුව, මී ඔය ආසන්නයේ අලිමංකඩ ප්‍රදේශයේදී ඔහු ගමන්ගත් මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන ත්‍රීවිල් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙම අනතුරෙන් ත්‍රීවිල් රථ රියදුරු බරපතළ තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, අනතුර සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුකරමින් පවතින බව කරුවලගස්වැව පොලීසිය සඳහන් කළා.