O/L පිළිතුරු පත්‍ර ඇගයීමේ දෙවැනි අදියර අද සිට ආරම්භ වෙයි

school-students

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ දෙවැනි අදියර අද (28) ආරම්භ වනවා.

ඒ අනුව අද සිට දින 10 ක් එම අදියරේ ඇගයීම් සිදුකෙරෙන බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරුපත්‍ර වලින් 80% ක් පමණ මේ වනවිට පරීක්ෂා කර අවසන්ව ඇති බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.