මගෙන් රටට ව්‍යාපාරයේ සංජය මහවත්ත මහතාව ඊයේ (27) රාත්‍රියේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

WhatsApp Image 2024-06-28 at 08.51.52

මගෙන් රටට ව්‍යාපාරයේ සංජය මහවත්ත මහතාව ඊයේ (27) රාත්‍රියේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මඟින් ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන බවට වාර්තා වනවා.

ජ්‍යේෂඨ පොලිස් නිලධාරීන්ට අසත්‍ය චෝදනා එල්ල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සංජය මහවත්ත අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.

සංජය මහවත්ත මහතා විසින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ භාවිත කළ රේන්ජ් රෝවර් රථය නිරූපිකාවක් වන පියුමි හංසමාලි භාවිත කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින් නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට පැමිණිල්ලක්ද මේ වන විට ඉදිරිපත් කර තිබෙනවා