Chris Silverwood ප්‍රධාන පුහුණුකරු ධූරයෙන් ඉල්ලා අස්වෙයි

chris-silverwood-rr

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරය දැරූ Chris Silverwood ඉල්ලා අස්වීමට කටයුතු කර තිබෙනවා.

ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ, පෞද්ගලික හේතුවක් මත ඔහු එම තනතුරෙන් ඉල්ලා අස්වන බවයි.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණු උපදේශක තනතුරින් මහේල ජයවර්ධනද ඊයේ (26) ඉල්ලා අස්වීමට කටයුතු කර තිබුණා.