නීති ශිෂ්‍ය සංගමයෙන් නිදහස් හා සාධාරණ මැතිවරණ ක්‍රමයක් උදෙසා කාලීන ප්‍රතිසංස්කරණ පිළිබඳ සාකච්ඡාවක්

mahinda-d-rohana

“නිදහස් හා සාධාරණ මැතිවරණ ක්‍රමයක් උදෙසා කාලීන ප්‍රතිසංස්කරණ” යන මැයෙන් ශ්‍රී ලංකාවේ මැතිවරණ ප්‍රතිපත්ති පිළිබඳ විද්වත් සාකච්ඡාවක් ශ්‍රී ලංකා නීති ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කර තිබෙනවා.

ඒ අනුව මෙම වැඩසටහන හෙට (28) පෙරවරු 10.30 සිට නීති විද්‍යාල ප්‍රධාන ශාලාවේ පැවැත්වීමට නියමිතව ඇති බවයි සඳහන් වෙන්නේ.

සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය හා පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සහභාගී වීමට නියමිතව තිබෙනවා.