ඉන්දීය ධීවරයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමට යාමේදී නාවික සෙබළෙක් මරුට

bort-85

ඩෙල්ෆ්ට් දූපත ආසන්න මුහුදේ නීතීවිරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමකදී සිදුවූ අනතුරකින් නාවික හමුදා සෙබළෙකු මියගොස් තිබෙනවා.

උතුරු මුහුදේ නීතීවිරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතවන ඉන්දීය ධීවරයින් අත්අඩංගුවට ගැනීම සඳහා නාවික හමුදාව විසින් මෙහෙයුමක් දියත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

එහිදී ට්‍රෝලර් යාත්‍රාවක සිටි ඉන්දීය ධීවරයින් 10 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව පියවර ගෙන ඇති අතර එම අවස්ථාවේ නාවික හමුදා සෙබළෙකු යාත්‍රා දෙකට මැදි වී සිරවී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරට ලක්වූ නාවික හමුදා සෙබළා ගොඩබිම වෙත රැගෙනවිත් ප්‍රතිකාර සඳහා රෝහල් ගතකිරීමෙන් පසු මියගොස් ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.