SL vs WI Women 1st T20: ශ්‍රී ලංකාවට කඩුලු 4 ක ජයක්

sl-wi-wwa

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම හා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර පැවති පළමු විස්සයි විස්ස තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට කොදෙව් කාන්තා කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 8 ක් දැවී ලකුණු 134 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ චමරි අතපත්තු කඩුලු 4 ක් හා ඉනෝෂි ප්‍රියදර්ශනී කඩුලු 3 ක් බිඳ හෙළීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 18 යි පන්දු 4 ක් අවසානයේ කඩුලු 6 ක් දැවී සිටියදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියා.

පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම වෙනුවෙන් විශ්මි ගුණරත්න හා හර්ෂිතා සමරවික්‍රම ලකුණු 35 බැඟින් ලබා ගත්තා.‍ලකුණු පුවරුව පහතින්.

66792e7966aa0 66792e786f272