ශ්‍රී ලංකා කණ්ඩායම සිල්ක් රූට් පර්යන්තයෙන් දිවයිනට

667277001912a

2024 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (19) උදෑසන මෙරටට පැමිණ තිබෙනවා.

ඒ අනුව ඔවුන් අද උදෑසන 8.40 ට පමණ දිවයිනට පැමිණ ඇති බවයි වාර්තා වෙන්නේ.

වෙනදා සාමාන්‍ය මගී පර්යන්තය ඔස්සේ පිටතට ඔවුන් පැමිණියද මෙවර මුදල් ගෙවා පහසුකම් සලසා ගත යුතු “සිල්ක් රූට්” පර්යන්තය ඔස්සේ ගුවන්තොටුපොළෙන් පිටතට පැමිණීමට කටයුතු කර තිබීම විශේෂත්වයක්.