නතාෂා එදිරිසූරිය සහ බෘනෝ දිවාකර නිදහස් කෙරේ

nathasha-edirisooriya

බුදු දහම ගැන ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළේයැයි චෝදනා ලැබ අත්අඩංගුවට ගෙන ඇප ලබා සිටි නතාෂා එදිරිසූරිය සහ බෘනෝ දිවාකර නිදහස් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (19) නියෝග කර තිබෙනවා.

නඩුව ඉදිරියට පවත්වාගෙන යෑමට අවශ්‍ය සාක්ෂි නොමැති බවට නීතිපතිවරයා අධිකරණයට දැනුම්දීමෙන් අනතුරුව ඔවුන්ව නිදහස් කිරීමට අධිකරණය නියෝග කර ඇති බවයි වාර්තා වෙන්නේ.

ප්‍රහසන ශිල්පිනී නතා‍ෂා එදිරිසූරිය විසින් කළ හාස්‍යමය ඉදිරිපත් කිරීමක් සම්බන්ධව ඇය අත්අඩංගුවට ගත් අතර, එම වැඩසටහන සංවිධානය කළ බවට සමාජ මාධ්‍ය වැඩසටහන් නිෂ්පාදක බෲනෝ දිවාකරව පසුව අත්අඩංගුවට ගෙන තිබුණා.

සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත (ICCRP) යටතේ ඔවුන් අත්අඩංගුවට ගෙන තිබූ අතර, පසුව රක්ෂිත බන්ධනාගාර කිරීමෙන් අනතුරුව ඇප මත නිදහස් කර තිබුණා.