ජපානයේ පැතිර යන බැක්ටීරියාව ගැන අනියත බියක් ඇති කරගත යුතු නැහැ – සෞඛ්‍ය අංශ

corona-new

ජපානයේ ව්‍යාප්ත වෙමින් පවතින දුර්ලභ බැක්ටීරියා ආසාදනය සම්බන්ධව මෙරට ජනතාව අනියත බියක් ඇති කරගැනීමට අවශ්‍ය නොවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

streptococcal toxic shock syndrome ලෙස හඳුන්වන මෙම බැක්ටීරියාව මේ වසරේ පළමු මාස 6දී පමණක් නව ආසාදිතයන් 977ක් ජපානයෙන් වාර්තාවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඒ අනුව එය සාමන්‍ය ජනතාව අතර තියෙන බැක්ටීරියා තත්ත්වයක් බවත් කලාතුරකින් එහි සංකූලතාවයක් ලෙස මාරාන්තික තත්ත්වයට පත්විය හැකි බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ සඳහන් කළේ.

ප්‍රතිජීවක ඖෂධවලින් මෙය වෙනස් කිරීමට හැකි බවත් අපේ රටට ඇතිවේ යැයි අනියත බියක් ඇති කර ගැනීමේ අවශ්‍යතාවක් නොමැති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.