තරුෂි හා කාලිංග අද තරග බිමට

tharushi-kalinga

ස්පාඤ්ඤයේ පැවැත්වෙන ආරාධිත මලල ක්‍රීඩා තරගාවලියට සහභාගි වන තරුෂි කරුණාරත්න සහ කාලිංග කුමාරගේ අද තරග බිමට එක්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව කාලිංග කුමාරගේ පිරිමි මීටර් 400 ඉසව්ව වෙනුවෙන් අද ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 9.50 ට තරග වැදීමට නියමිතයි.

එසේම තරුෂි කාන්තා මීටර් 600 ඉසව්ව වෙනුවෙන් ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 10.05ට තරග වැදීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.