ඉන්දියාවේ දුම්රිය අනතුරකින් 15 ක් මරුට

train-india-g

ඉන්දියාවේ බටහිර බෙංගාලයේ සිදුවූ දුම්රිය අනතුරකින් පුද්ගලයින් 15 දෙනෙක් මියගොස් 60 දෙනෙක් පමණ තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඩාර්ජිලින්ග් දිස්ත්‍රික්කයේදී මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ මගී ප්‍රවාහන අධිවේගී දුම්රියක් සහ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් බවයි සඳහන් වෙන්නේ.

අනතුරට ලක්වූ කන්චන්ජුන්ගා අධිවේගී දුම්රිය ඇසෑම් හි සිල්චාර් හි සිටි කොල්කටා බලා ධාවනය වෙමින් පැවති අතර, රන්ගාපානී දුම්රිය ස්ථානය ආසන්නයේදී මගී ප්‍රවාහන දුම්රිය පසුපසින් පැමිණි භාණ්ඩ ප්‍රවාහන දුම්රිය එහි ගැටී අනතුර සිදුව තිබෙනවා.