ආරෝපිත කුලී ආදායම් බද්ද සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශයෙන් දැනුම්දීමක්

for-rent

ආරෝපිත කුලී ආදායම් බද්ද සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගීතාව සහිතව ක්‍රියාත්මක වන විස්තීර්ණ මූල්‍ය පහසුකම වැඩසටහන සම්බන්ධව මෑතදී ප්‍රකාශයට පත්කළ ලියවිල්ලෙහි ‘ආරෝපිත කුලී ආදායම් බද්ද‘ ලෙස ක්‍රියාත්මක වීමට නියමිත, යෝජිත දේපොළ බද්ද පිළිබඳව දක්වා ඇති බවයි මුදල් අමාත්‍යංශය සඳහන් කළේ.

මෙම බද්ද තුලින් අවධානය යොමු කර ඇත්තේ සාමාන්‍ය ආදායම් ලබන්නන් කෙරෙහි නොව, ඉහළ වත්කම් සහිත පුද්ගලයන් කෙරෙහි බව මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය සඳහන් කරනවා.

මේ පිළිබඳව ඇතැම් දුර්මත සහ වැරදි වැටහීම් පැතිර ගොස් ඇති බවයි මුදල් අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ.

අදාළ නිවේදනය පහතින්.

666ffd4dc8c16 666ffd4ca7c20