රංගේ බණ්ඩාරගේ ප්‍රකාශය මුට්ටිය දාලා බැලීමක් – මහාචාර්ය ජී.එල්. පීරිස්

GL.-Peiris

මැතිවරණ වසර දෙකකින් කල් දැමිය යුතු බවට වන එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයාගේ ප්‍රකාශය මුට්ටිය දා බැලීමක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් පවසනවා.

ඒ අනුව ජනාධිපතිවරණය හා මහ මැතිවරණය කල් දැමිය යුතු බවට ප්‍රකාශ කළ පසු ජනතා ප්‍රතිචාරය කෙබඳුද යන්න බලා ගැනීම ඔවුන්ගේ අපේක්ෂාව බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

කෙසේ නමුත් ජනාධිපතිවරයාගේ පක්ෂය හැරුණු විට අනෙකුත් සියලුම පක්ෂ එයට එක හඬින් විරෝධය පළ කළ බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් වැඩිදුරටත් ප්‍රකාශ කළේ.