ඉංගිරිය ප්‍රධාන පාසල් දෙකක් අතර මත්පෙති ජාවාරම් කරුවෙකුට මත් පෙති විකිණූ බෙහෙත් වෙළඳසැලේ හිමිකරු සහ ජාවාරම් කරු අත්අඩංගුවට ගත් බව ඉංගිරිය පොලිසිය පවසයි.

WhatsApp Image 2024-05-27 at 15.00.42

2024-5-27
ගල්පාත චන්දන ජයලාල්
ඉංගිරිය ප්‍රධාන පාසල් දෙකක් අතර මත්පෙති ජාවාරම් කරුවෙකුට මත් පෙති විකිණූ බෙහෙත් වෙළඳසැලේ හිමිකරු සහ ජාවාරම් කරු අත්අඩංගුවට ගත් බව ඉංගිරිය පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉංගිරිය ප්‍රදේශයේ පදිංචි බෙහෙත් අලෙවිසලේ පුද්ගලයා (53)සහා ඉංගිරිය වත්ත, ඉංගිරිය පදිංචි (25) හැවිරිදි පුද්ගලයෙකි.

මත්පෙති බේදා හරින ජාවාරම්කවෙකු විසින් ඉංගිරිය ප්‍රධාන පාසල් දෙකක් අතර පිහිටි බෙහෙත් වෙළඳ සැලකින් මත් පෙති ලබාගන්නා බවට ඉංගිරිය පොලිසියට ලැබුණු තොරතුරක් මත නිලධාරීන් දෙදෙනකු විසින් එම වෙළඳ සැලට යාබදව සූක්ෂමව රැක සිටිමින් ජාවාරම්කරු මත්පෙති ලබාගෙන ඉන් පිටවන අවස්ථාවේ පරීක්ෂා කිරීමේදී ඔහු සතුව දවටන වලින් ඉවත් කර වෙනත් දවටනයක වෙළඳසැලේ හිමිකරු විසින් වෙන වෙනම අසුරා සීල් කරන ලද මත් පෙති 10 සහ 15 ක් සොයාගෙන ඇත.

මද වේලාවකින් අදාල බෙහෙත් තලවිකරන වෙළඳසැල වෙත ගිය පොලිස් නිලධාරීන් විමසීමේදී පවසා ඇත්තේ මොවුන් ඉල්ලන නිසා එම පෙති වටනේ ඉවත් කර ඔහු විසින් සාදන ලද දවටනයක සීල් කර ලබාදෙන බවයි. ඉංගිරිය පොලිසියට පැමිණ කට උත්තරයක් ලබාදෙන ලෙස පවසා ඉන්පිටවී යන නිලධාරීන් තවත් සුළු වේලාවකට පසුව නැවත බෙහෙත් අලවිසැල වෙත යන අවස්ථාවේ යාබදව පිහිටි පොත් ලිපි ද්‍රව්‍ය අලෙවි කරන වෙළඳ සැලේ රාක්කයක් මත යම් බෑගයක් සඟවන ආකාරය පොලිස් නිලධාරින් දැක වහා පරීක්ෂා කිරීමට ලක් කිරීමේදී නිෂ්පාදන ආයතන දෙකකට අයත් මත් පෙති 314 සහ 122 වශයෙන් ද පෙති ඉවත් කරන ලද දවටන 3 ක්ද රෙදි බෑගය තුළ තිබී හමුවී ඇත. ඉන්පසු ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පුනරුත්ථාපන නිලධාරී මහතා දැනුවත් කර පරීක්ෂා කිරීමෙන්ද මත්පැති බවට තහවුරු කර ගෙන ඇත.

සැකකරුවන් දෙදෙනා ඉංගිරිය පොලිසිය මගින් අද (27) හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

මෙම වැටලීම ඉංගිරිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වසන්ත චන්ද්‍රලාල් මහතාගේ උපදෙස් පරිදි පො.සැ.70153 මෙන්ඩිස් පො.සැ.35344 අමරසිංහ සිදුකර ඇත.

WhatsApp Image 2024-05-27 at 15.00.42