විමල්, ගම්මන්පිල, වාසු හා දිලිත් එක්ව “සර්වජන බලය” නමින් නව දේශපාලන ව්‍යාපාරයක් අරඹයි

6654592d3b108

දේශපාලන පක්ෂ කිහිපයක් සහ සිවිල් සංවිධාන කිහිපයක් එක්වී “සර්වජන බලය” නමින් නව දේශපාලන ව්‍යාපාරයක් අද (27) පිහිටුවා තිබෙනවා.

ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, මව්බිම ජනතා පක්ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, යුතුකම ජාතික සංවාද කවය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන ප්‍රමුඛ ස්වාධීන මන්ත්‍රී සංසදය මේ සඳහා ගිවිසුම්ගතවී ඇති බවයි වාර්තා වෙන්නේ.

“එක්ව නංවන රටක් – සතුටු පිරුණු දැයක්” තේමා කරගත් මෙම දේශපාලන ව්‍යාපාරය පිහිටුවීමේ ලිඛිත ගිවිසුමට අද කොළඹදී අත්සන් තබා තිබෙනවා.