කටුනායක ගුවන් තොටුපොළට පැමිණෙන වාහන නවතා තැබීම ගැන දැනුම්දීමක්

Katunayaka airport

කටුනායක ගුවන් තොටුපොළෙහි පැමිණීම් පර්යන්තය පිටත වාහන නවතා තැබීම ක්‍රමවත් කිරීම සඳහා ගුවන් තොටුපොළ සහ ගුවන්සේවා සමාගම පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව රියදුරෙක් නොමැතිව වාහන එම ස්ථානයේ නවතා තැබීම තහනම් වන අතර, ආගමන ගුවන් මගීන් රැගෙන යෑමට පැමිණි වාහන අදාළ රථගාල් වල සිට නියමිත වේලාවට පමණක් පැමිණීමේ පර්යන්තය පිටතට පැමිණිය යුතු බවයි සඳහන් වෙන්නේ.

රියදුරු සහිතව ද පරිශ්‍රය තුළ වාහන තදබදයක් ඇතිවන පරිදි විනාඩි 30කට වඩා එම ස්ථානයේ ගැවසෙන වාහන සඳහා ගුවන් තොටුපොළ පරිශ්‍රයෙන් පිටතට යනවිට විශේෂ ගාස්තුවක් අය කරන බවයි ගුවන් තොටුපොළ සහ ගුවන්සේවා සමාගම සඳහන් කළේ.