විදුලි බිඳවැටීම් යථා තත්ත්වයට පත් කිරීමේදී සිදුවන ප්‍රමාදයන් පිළිබඳව කණගාටුව – ලං.වි.ම. ඉංජිනේරු සංගමය

electrycity-miter

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සිදුවන විදුලි බිඳවැටීම් යථා තත්ත්වයට පත්කිරීමේ දී සිදුවන ප්‍රමාදයන් පිළිබඳව කනගාටුව ප්‍රකාශ කරමින් ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ආපදා තත්ත්වයන් යටතේ විදුලිය බිඳ වැටීම් විශාල ප්‍රමාණයක් වාර්තා වී ඇති බවත්, එම බිඳ වැටීම් යථා තත්ත්වයට පත් කරලීම සදහා මේ වනවිට ලංවිම සේවයේ යෙදී සිටින සීමිත තාක්ෂණික කාර්ය මණ්ඩලය උපරිම වශයෙන් කැපකිරීම් සිදුකරමින් සිටින බවත් එම නිවේදනයේ දැක්වෙනවා.

රජය, විෂය භාර අමාත්‍යවරයා සහ ලංවිම අධ්‍යක්ෂ මණ්ඩලය විසින් පුරප්පාඩු සඳහා නිසි බඳවා ගැනීම් සිදුකිරීමට හා දැනට සේවයේ නියුතු සේවකයින් රඳවා තබා ගැනීම සඳහා කිසිදු සාධනීය පියවරක් නොගත් බවත්, සේවකයින් හට රැකියාව එපා වෙන තැනට පත්කර සේවය හැර යාමට මඟ සැලැසූ බවත්, සේවකයන් නොමැති වීමෙන් සිදුවන බිඳවැටුම් යාවත්කාලීන කිරීමේ ප්‍රමාදයන් වල වගකීම ඔවුන් ඍජුවම භාරගත යුතු බවත් එම සංගමය අදාළ නිවේදනය මගින් පෙන්වා දී තිබෙනවා.

එම සංගමය නිකුත් කළ නිවේදනය පහතින්.

66515188c6a47pdf_page_0

6651518923e50pdf_page_1