වතු සේවකයන්ට වැඩි කළ වැටුප ගෙවීමට නොහැකි නම්, එම සමාගම්වල බදු ගිවිසුම් අහෝසි කර නව ආයෝජකයින්ට වතු ලබාදෙනවා – රංජිත් සියඹලාපිටිය

ranjith-siyabalapitiya-new

රුපියල් 1350 ක මූලික වැටුප හා රුපියල් 350 ක විශේෂ දීමනාව සමග රුපියල් 1700 ක් දක්වා වතු සේවක වැටුප් වැඩි කිරීම පසුගිය 21 වැනිදා සිට ක්‍රියාත්මක බව වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ අමත්‍ය සහ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

යම් සමාගමක් එම වැඩිකළ මුදල ගෙවීමට නොහැකි බව පවසන්නේ නම් මුදල් අමාත්‍යාංශය විසින් ඒ බව සොයා බැලීමට කමිටුවක් පත් කරන බවත්, අදාල සමාගමට එවැනි වැටුපක් ගෙවා ගැනීමට නොහැකි වන්නේ බාහිර ගැටළුවක්ද, නොඑසේ නම් අභ්‍යන්තර ගැටළුවක්ද යන්න එම කමිටුව මගින් සොයා බැලීම සිදුකරන බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

ඒ අනුව වතු සේවකයන්ට වැඩි කළ වැටුප ගෙවා ගැනීමට නොහැකි වීම අදාළ සමාගම්වල අභ්‍යන්තර ගැටලුවක් නම්, එම සමාගම් සමග ඇති බදු ගිවිසුම් අහෝසි කර නව ආයෝජකයින්ට වතු ලබාදීමට රජය සූදානමින් සිටින බවද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටිනවා.