අයහපත් කාලගුණ තත්ත්වයෙන් පුද්ගලයින් 6 ක් මරුට

weather-warning-1

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සිදුවූ පුද්ගල මරණ සංඛ්‍යාව 06 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව ඇතිවූ දැඩි සුළං තත්ත්වය හේතුවෙන් ගස් කඩා වැටීම්, දේපළ හා නිවාස හානි සිදුවීම් වාර්තාවී ඇති බවයි ආපදා කළමණාකරන මධ්‍යස්ථානය සඳහන් කළේ.

හැටන් – බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ ධාවනය වෙමින් තිබූ යතුරු පැදියක් මතට ෆයිනස් ගසක් කඩා වැටීමෙන් යතුරුපැදිකරු බරපතළ තුවාල ලබා දික්ඔය මූලික රෝහලට ඇතුළත් කර තිබුණා.

එසේම එම මාර්ගයේම ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් ලිස්සාගොස් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් එහි ගමන් කළ කුඩා දරුවෙකු ඇතුළු දෙදෙනෙක් ද තුවාල ලබා රෝහල්ගත කර තිබූ බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.