මියන්මාරයේ රඳවාගෙන සිටින ශ්‍රි ලාංකික තරුණ තරුණයින් බේරාගැනීමටත්, රුසියානු යුක්රේන යුද්ධයට මැදිව සිටින ලාංකික සෙබලුන් බේරාගැනීමටත් අදාල සාකච්ඡාවන් සඳහා විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමක් මියන්මාරයට සහ රුසියාවට…

WhatsApp Image 2024-05-23 at 16.25.20

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නීතිඥ වසන්ත යාපාබණ්ඩාර, ජේ.සී. අලවතුවල, සුජිත් සංජය පෙරේරා සහ වෛද්‍ය කාවින්ද ජයවර්ධන යන විපක්ෂයේ මන්ත්‍රීවරු කණ්ඩායමක්, මෙරට ත්‍රෛ නිකායික මහානාහිමිවරුන්ගේ අත්සනින් යුතු සංදේශයක් හා විපක්ෂනායක ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමන්ගේ සංදේශයක් ද රැගෙන මියන්මාරයේ පරිගණක අපරාධකරුවන් විසින් රඳවාගෙන සිටින ලාංකික තරුණ තරුණියන් 49 දෙ⁣නා බේරාගැනීමේ සාකච්ඡාවන් සඳහාත්, රුසියානු යුක්රේන යුද්ධයේ කුලී හමුදාවන් ලෙස සේවය කරන ශ්‍රී ලාංකික, විශ්‍රාමික හමුදා සෙබලුන්ගේ ගැටළුව පිළිබඳව සාකච්ඡා කිරීමටත් මියන්මාරය සහ රුසියාව බලා පිටත්ව යාමට නියමිතය.

ඒ අනුව එම මන්ත්‍රී කණ්ඩායම ඊයේ(22) උදෑසන පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමා හමුවී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ අතර එතුමන්ගේ සන්දේශය භාරගැනීමද එහිදී සිදුකෙරිණි. මෙම අවස්ථාවට මියන්මාරයේ රඳවාගෙන සිටින තරුණයින්ගේ දෙමාපියන් නියෝජනය කරමින් දෙමාපියන් කිහිපදෙනෙකුද සහභාගී විය.
2024-05-22

WhatsApp Image 2024-05-23 at 16.25.20