මොරොන්තුඩුව, පොල්හේන ප්‍රදේශයේ දී ඊයේ (21)රාත්‍රී 6.30 ට පමන කපා කොටා පුද්ගලයකු ඝාතනය කර ඇති බව මොරොන්තුඩුව පොලිසිය පවසයි.

death

ගල්පාත චන්දන පෙරේරා

මොරොන්තුඩුව, පොල්හේන ප්‍රදේශයේ දී ඊයේ (21)රාත්‍රී 6.30 ට පමන කපා කොටා පුද්ගලයකු ඝාතනය කර ඇති බව මොරොන්තුඩුව පොලිසිය පවසයි.

මෙසේ ඝාතනය වී ඇත්තේ වල්ගම , බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුෂ්ප කුමාර නැමති පුද්ගලයෙකි.මියගොස් ඇති පුද්ගලයා
ඔහුගේ නැගණිය විවහා වී පදිංවීව සිටින මොරොන්තුඩුව,පොල්හේනේ පිහිටි නිවසට තවත් පුද්ගලයන් කිහිප දෙනකු සමග පැමිණ ඇත.පසුව මස්සිනා සමග ඇතිවූ බහින් බස් වීමක් දුරදිග යාමෙන්
ඇති වූ ආරවුලකින් පසු තියුණු ආයුධ වලින් පහර දිම හේතුවෙන් දකුණු අත වැලමිට ආසන්නයෙන් සම්පූර්ණයෙන්ම වෙන් වී ඇති අතර එක කකුලකට සහ වම් අතටද දරුණු කැපුම් තුවාල හේතුවෙන් බරපතළ තුවාල ලබා නිවස ආසන්නයේ මාර්ගයේ වැටී ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

1990 සුවසැරිය ගිලන් රථයට ලැබුණු දුරකථන ඇමතුමක් ඔස්සේ පැමිණ ගෝනදූව ප්‍රාදේශීය රෝහලට වෙත තුවාල කරු රැගෙන ගොස් ඇත. රෝහලට ඇතුළත් කරන විටත් ඔහු මිය ගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.සිද්ධිය වී මද
වේලාවකට පසුව මස්සිනා (ඝාතනය සිදු කළ පුද්ගලයා)කැපුම් තුවාල සහිතව පොලිසියට පැමිණ ඇත. ඔහු නාගොඩ රෝහලට ඇතුළත් වන බව පවසා පිටව ගොස් ඇත.

මොරොන්තුඩුව පොලීසිය වැඩිදුරු පරීක්ෂණ මෙහෙයවයි.