වෘත්තීය සමිති ක්‍රියාමාර්ග තවදුරටත් තීව්‍ර කිරීමට විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයින් තීරණය කරයි

protest

සිය ඉල්ලීම් ලබාදීම ප්‍රමාද කිරීම හේතුවෙන් සිය වෘත්තීය ක්‍රියාමාර්ග තවදුරටත් තීව්‍ර කිරීමට තීරණය කළ බව විශ්ව විද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව පවසනවා.

ඒ අනුව විද්‍යාල තුළ ස්වේච්ඡාවෙන් කටයුතු කරන සියලුම සේවාවලින් ඉවත්වීමේ ඒකමතික තීරණයකට එළඹී ඇති බවයි එහි සම සභාපති ධම්මික ප්‍රියන්ත සඳහන් කළේ.

ජලය හා විදුලිය සැපයීමෙන් සම්පූර්ණයෙන් ඉවත් වන බවත්, අන්තර්ජාල පහසුකම් සැපයීමෙන්ද සම්පූර්ණයෙන් ඉවත් වන බවයි ඔහු සඳහන් කළේ.

මෙවැනි අපරාධයක් විශ්ව විද්‍යාල පද්ධතියට සිදුවන්නේ රජයේ ක්‍රියා කලාපය නිසා බවයි ධම්මික ප්‍රියන්ත වැඩිදුරටත් සඳහන් කළේ.