නීතිවිරෝධී දුම්වැටි ජාවාරමේ යෙදුණු පුද්ගලයෙක් STF අත්අඩංගුවට

22b7626a-2fd54cca-38f8ad29-arrest_850x460_acf_cropped_850x460_acf_cropped

මෙරටට නීති විරෝධීව දුම්වැටි ආනයනය කිරීමේ ජාවාරමේ යෙදුනු පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් රාගම, කැටගේවත්ත පාර ප්‍රදේශයේදී සිදු කරන ලද වැටලීමකදී අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම වැටලීමේදී, ජාවාරම් කිරීම සදහා සන්තකයේ තබාගත් රුපියල් දෙලක්ෂ පනස්දාහක් පමණ වන නීති විරෝධී දුම්වැටි 1,600ක් භාරයට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළා.