පන්නිපිටියේ ලී මෝලක ගින්නක්

fire-n[1]

පන්නිපිටිය, ලියනගොඩ ප්‍රදේශයේ ලී මෝලක ඇති වූ ගින්නකින් එම ලී මෝල සම්පූර්ණයෙන්ම විනාශ වී ගොස් තිබෙනවා.

අද (22) අලුයම 2.30 පමණ ගින්න හට ගෙන ඇති අතර, ප්‍රදේශවාසීන් සහ කෝට්ටේ මහ නගර සභාවේ ගිනි නිවන රථ තුනක් සහ දෙහිවල මහ නගර සභාවේ ජල බවුසර යොදාගෙන මේ වනවිට ගින්න පාලනය කර ඇති බවයි වාර්තා වෙන්නේ.

ජීවිත හානි කිසිවක් සිදුවී නොමැති අතර, දේපළවලට දැඩි ලෙස හානි සිදුව ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.