යළි කොළඹට පැමිණෙන ජනතාවට අතිරේක දුම්රිය සේවා යොදවයි

trainjaffna

පිට පළාත්වල සිට යළි කොළඹට පැමිණෙන ජනතාව වෙනුවෙන් අතිරේක දුම්රිය සේවා මේ වන විට ආරම්භ කර ඇති බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී නන්දන ඉඳිපොලගේ පවසනවා.

ඒ අනුව අද (15) බදුල්ල, ගාල්ල හා බෙලිඅත්ත දුම්රිය ස්ථානවල සිට කොළඹ කොටුව දක්වා අතිරේක දුම්රිය 8ක් ධාවනයට එක්කර තිබෙන බවයි සඳහන් වන්නේ.

මීට අමතරව හෙට (16) සිට යළි සාමාන්‍ය පරිදි කාර්යාල දුම්රිය ගමන්ද ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කළා.