ලක්ෂ දෙකකට අධික ආනයනික බිත්තර තොගයක් කැකිරාවේදී අත්අඩංගුවට

egg

24-04-12
කැකිරාව කුෂාන් ජයවර්ධන
ලක්ෂ දෙකකට අධික ආනයනික බිත්තර තොගයක් කැකිරාවේදී අත්අඩංගුවට
============================

කැකිරාව නගරයේ පවත්වාගෙන යනු ලබන රාජ්‍ය අංශයට අයත් සුපිරි වෙළදසැලක තිබී මිනිස් පරිභෝජනයට නුසුදුසු අයුරින් අලෙවි කරමින් තිබූ රුපියල් ලක්ෂ දෙක හමාරකට අධික වටිනාකමකින් යුත් ආනයනික බිත්තර තොගයක් කැකිරාව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් අත්අඩංගුවට ගන්නා ලදි.
කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාට ලද තොරතුරක් අනුව උත්සව සමයේ සිදු පාරිභෝගික සෞඛ්‍ය ආරක්ෂාව උදෙසා සිදු කෙරෙන ආහාර වැටලීම් මෙහෙයුම් යටතේ මෙම මෙහෙයුම සිදු කෙරිණ. ඒ අනුව, කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා ප්‍රමුඛ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සිදුකළ වැටලීමකදී එම බිත්තර තොගය අත්අඩංගුවට ගනු ලැබිණ. මෙලස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් අත්අඩංගුවට ගන්නා ලද බිත්තර තොගය ඉන්දියාවෙන් මෙරටට ආනයනය කර ඇති ඒවා බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසති. සේල්සියස් අංශක 2-ත් 5ත් අතර අගයක ගබඩා කර අලෙවි කළ යුතු එම බිත්තර තොගය සාමාන්‍ය කාමර උෂ්ණත්වයේ ගබඩාකර අලෙවි කිරීමත් ඒවායේ අපද්‍රව්‍ය තිබීමත් හේතුවෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් එම බිත්තර තොගය අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ අතර එම සුපිරි වෙළද සැලේ අලෙවි කිරීමට තිබූ මහජන සෞක්‍යයට අහිතකර අයුරින් ගබඩා කර තිබූ බිත්තර 5100ක් මෙහිදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් අත්අඩංගුවට ගන්නා ලදා. මෙලෙස අත්අඩංගුවට ගන්නා ලද බිත්තරවල සාමාන්‍ය වෙළදපල වටිනාකම රුපියල් ලක්ෂ දෙක හමාරකට අධික වේ.
මිනිස් පරිභෝජනයට නිසුදුසු අයුරින් බිත්තර අලෙවි කළ එම සුපිරි වෙළදසැලේ හිමිකරුද මෙහිදී අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැරීමට මහජන සෞක්‍ය පරීක්ෂකවරුන් කටයුතු කළ අතර අත්අඩංගුවට ගත් එම ව්‍යාපාර කලමනාකාරවරයා ලබන 25 වනදා කැකිරාව මහේස්ත්‍රාත් අධීකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.