අද ගම්බිම් බලා ගියොත් තදබදයකින් තොරව ගමන් කළ හැකියි – ගැමුණු

bus-full

අලුත් අවුරුදු නිවාඩුව වෙනුවෙන් අද (11) දිනයේ සිට ගම්බිම් බලා යෑමට පිරිස් කටයුතු කරන්නේ නම් තදබදයකින් තොරව ගමන් කිරීමට හැකි බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා.

12 වනදා සවස් කාලය වනවිට බස් රථවල තදබදයක් ඇති වියහැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.

පුණ්‍ය කාලය එළඹෙන තෙක් සාමාන්‍ය පරිදි බස් රථ ධාවනය කරන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.