රාමසාන් වෙනුවෙන් ඉස්ලාම් දේවස්ථානවලට විශේෂ ආරක්ෂාවක්

muslim-church

රාමසාන් උත්සවය වෙනුවෙන් ඉස්ලාම් දේවස්ථානයන්හි ආරක්ෂාව සඳහා පොලීසියෙන් විශේෂ ආරක්ෂක වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කර තිබෙනවා.

ඒ අනුව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක එම වැඩපිළිවෙළ සඳහා පොලීසිය, විශේෂ කාර්ය බළකාය සහ ත්‍රිවිධ හමුදා ආරක්ෂක අංශ කැඳවා ඇති බවයි වාර්තා වෙන්නේ.

ඒ යටතේ දිවයින පුරා ඉස්ලාම් දේවස්ථාන 3,203ක් අතරින් දේව මෙහෙයන් පැවැත්වෙන ඉස්ලාම් දේවස්ථාන ස්ථාන 2,453කට අවශ්‍ය ආරක්ෂාව තහවුරු කර තිබෙනවා.

එම දේවස්ථානවල ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 5,580ක්, විශේෂ කාර්ය බළකා නිලධාරීන් 510ක් සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන් 1,260ක් සමඟින් 7,350කට අධික ආරක්ෂක භට පිරිසක් යෙදවීමට මේ වනවිටත් කටයුතු කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.