උත්සව කාලසීමාව තුළ ව්‍යාජ මුදල් ජාවාරම්කරුවන් ඇතුළු කූඨ ව්‍යාපාරිකයින් පිළිබඳව දැඩි අවධානයකින් පසුවිය යුතු බව පොලීසිය මහජනතාවට දැනුම් දෙනවා.
සිංහල සහ හින්දු අලුත් අවුරුදු උත්සවය වෙනුවෙන් මේ දිනවල ජනතාව විශාල වශයෙන් විවිධ භාණ්ඩ මිලදී ගැනීමට කටයුතු කරමින් සිටින අතර එහිදී විවිධ ජාවාරම්කරුවන් පිළිබඳව ජනතාව කල්පනාකාරී වියයුතු බවයි පොලීසිය සඳහන් කළේ.
ඒ අනුව අලුත් අවුරුද්දේ ගමන් බිමන් යාමේදී පුද්ගලික වාහනක් හෝ පොදු වාහනයක් වුවත් රියදුරා මත්පැන් පානය කර ඇද්ද, වේගයෙන් ගමන් කරනවාද යන්න සම්බන්ධයෙන් අවධානය යොමුකළ යුතු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.